බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රට පුරා කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
‘පිළිසරු‘ ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර මත පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටුවා ඇති මෙම කොම්පෝස්ට් අංගන හොඳින් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අවධානයට ලක්විය.
මෙම අංගන මාතර, මාවතගම, මහඔය, ඇල්පිටිය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල දැනට ක්‍රියාත්මකවේ.



