( පාලිත ආරියවංශ )
ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතුළු සේවකයන් පිරිසක් ළඟදීම තායිලන්තය බලා යන බව ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ( 10) අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙම ආයතනවල සෞඛ්‍ය හා ක්ෂේත්‍ර කම්කරුවන් 21 දෙනකු හා කසල රථ රියදුරන් ඇතුළත් වන බවත් ඔවුන් මෙහෙයවීම සදහා ක්ෂේත්‍ර පරිපාලන හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීපදෙනකු මෙම චාරිකාවට සහභාගී වන බවත් ඌව පළාත් සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය මෙහිදි පැවසුවාය .
ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත සනීපාරක්ෂක කම්කරුවන් හා ඒ ක්ෂේත්‍රයට අදාළ සේවකයන් මේ චාරිකාවට සහභාගී කරවීමට තීරණය කළ බවත් ඒ සදහා සුදුස්සන් තෝරාගැනීමට ඌවේ පළාත් පාලන ආයතන 28 ක් අතර නොබෝදා පැවැත්වු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරඟයේ ජයග්‍රහණ පාදක කරගත් බවත් අඹන්වල මහත්මිය කීවාය.
මෙම තරගයේදී ප්‍රථම ස්ථානය හපුතලේ මහ නගර සභාවටත් දෙවන ස්ථානය මොණරාගල ප්‍රාදේශීය සභාවටත් තෙවන ස්ථානය බදුල්ල මහ නගර සභාවටත් හිමි වී තිබිණි.
තෝරාගත් කණ්ඩායම සදහා මහා භාණ්ඩගාර අනුමැතිය ලැබී ඇති බවත් ළඟදිම ඔවුන් මේ සදහා පිටත්ව යන අතර තායිලන්තයේ මහිඩෝල් විශ්වවිද්‍යාලයේ දි මෙම අධ්‍යයන අවස්ථාව ඔවුන්ට උදාවන බවත් අඹන්වල මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය .
තමා දන්නා තරමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයනයක් සදහා කම්කරුවන්ට විදේශගත වීමට අවස්ථාව සැලසු ප්‍රථම අවස්ථාව මෙය බවද අඹන්වල මහත්මිය අවධාරණය කළාය .

