පානදුර නගරයේ ඇති භෝජන ශාලා සහ සුපිරි වෙළෙඳහල් වටලා පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් සෞඛය වෛද්‍ය නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය. මෙහිදී කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ සුපිරි වෙළෙඳහල් තුනක් ඇතුළු වෙළෙඳහල් හතරකට විරුද්ධව නඩු පවරන බව සෞඛ්‍ය නිලධාරීහු පැවැසූහ.

