කුණු කන්දෙන් වතුර


මෙරට කුණු කඳු ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි පහසු ක්‍රමයක් ගැන සොයා බැලීම සඳහා ඒ සම්බන්ධ හසල අත්දැකීම් ඇති ජපානයේ මහාචාර්ය කෙන්යෝ නිනමාරු ශ්‍රී ලංකාවට පැමිණියේය.

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි ගේ ආරාධනයක් අනුව මෙහි පැමිණි මහාචාර්යවරයා දින 5ක කාලයක් මෙරට රැඳී සිටිමින් කුණු කඳු නිරීක්ෂණය කිරීමට නියමිත අතර එම කසලවලින් ජලය නිපදවිය හැකි ක්‍රමයක් හඳුන්වාදීමටද නියමිතය.