මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරීමට ඇති සැලසුම ගැන වාර්තාවක් ලබන හතර වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය කොළඹ මහ නගර සභාවට නියෝග කළාය.
කුණු කන්ද ඉවත් කරන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් වාහන ගමනා ගමනයට බාධා වන අයුරින් පාර හරස් කර විරෝධතා පැවැත්වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නගර සභාව කීවේ කුණු කන්ද පුත්තලම පැත්තට ගෙන යෑමට සියලු කටයුතු යොදා ඇති නමුත් ඒ වන තෙක් ප්‍රදේශවාසීන් සාමකාමීව නොසිටින බවයි.
ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ කුණු කන්ද ඉවත් කරන බවට කාලයක් තිස්සේ නගර සභාව ප්‍රකාශ කළත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැති බවයි.

