කුණු කන්ද අනතුරේ වගකීම රජය බාරගනී


(ඩයනා උදයංගනී )

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ ඇදී ආ එකක් වුවත් පසුගියදා සිදුවූ අනතුරෙහි වගකීම රජය සම්පූර්ණයෙන් භාරගන්නා බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

දැනට පවතින තත්ත්වය නිරාකරණය කිරීමට ද රජය කඩිනමින් පියවර ගන්නා බවත් කුණු කන්ද නායයෑමෙන් අවතැන් වූ පවුල්වලට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ නිවාස 60ක් මේ වන විටත් වෙන්කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

ඉතිරි පවුල් 38ක් සඳහා ජූනි 1 වැනිදා වන විට නිවාස ලබාදීමට අධිකාරිය එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

ඔවුන්ට වන්දි ලබාදීම සීමාවකින් තොරව තක්සේරු අනුවම සිදුකරන බවද කී ඇමැතිවරයා කුණුකන්ද කඩිනමින් ප්‍රතිචක්‍රිකරණය කරන බවද ජනාධිපති, අගමැති ඇතුළු බලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද(19) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණ ගත් බවද සඳහන් කළේය.