මිනිස් ආහාරයට නුසුදුසුයැයි තීරණය කොට වළ දැමීමට නියම කළ අර්තාපල්වලින් පැටිස්, මාළුපාන්, එළවළු රොටී හා අල හොදි ආදිය හැදූ බව කියන හෝටල තුනකට අද (6) සිල් තැබූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා තවත් කඩ 10කට එරෙහිව නඩු පවරන ලෙස නිලධාරීනට නියෝග කළේය.
කුණු අල සුද්ධ කරමින් සිටි තැන් ද, කුණු අල තම්බා තිබූ තැන් ද වැටලූ බව පුරපති කියයි.
අඩුමුදලට දුන් නිසා අර්තාපල් මිලට ගත් බව හෝටල් හිමියන් කියා ඇත.
දරුවන් සමග එම හොටල්වලින් කෑම කිමන් සිටි අය ඇමතූ පුරපතිවරයා එම ආහාර නොගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.
හොඳ අල කිලෝවක් රුපියල් 85කි. කුණු අලවලින් තෝරාගත් අල කිලෝව රුපියල් 25කි.
තමනට අවශ්‍ය ප්‍රමාණය දැන් වූ විට ත්‍රීරෝද රියකින් ගෙනැවිත් දෙන බව ද මේ වැටලීමේදී සොයා ගැණිනි.




