පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පාසල් සිසුවෙකුට එම පාසලේම සිසුන් පිරිසක් පහර දීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වත්තේගම පොලිසිය කියයි.
කුණ්ඩසාලේ පිලවල නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 වසරේ සිසුවකුට එම වසරේම සිසුන් පිරිසක් පාසලේ වැසිකිලිය තුලදි මෙම සිසුන් පිරිස සිසුවාට පහර දී ඇති බවත් පසුව පාසල නිමවී නිවසට යන අතරතුර මරන තර්ජනය කළ බවත් සිසුවාගේ මව පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන්ය.
සිසුවාගේ හිස සහ පපු ප්‍රදේශයට පහර දී ඇති බවත් පහර කැ පාසල් සිසුවා එදිනම යක්ගහපිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ගැනිම සදහා රෝහල් ගත කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා සිකුරාදා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර පහරදීමට සම්බන්ධව දෙපාර්ශවයෙන්ම කටඋත්තර ලබාගත් බවද පොලිසිය කියයි.

