කුඩුකාරයාට පෝරකය


හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගත් වරදකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (23) මරණ දඬුවම නියම කළාය.

මෝදර පදිංචි ක්‍රිෂ්ණන් ඇන්තනි ජයරාජ් නමැත්තාට 2009 වසරේදී හෙරොයින් කිලෝවක් සහ ග්‍රෑම් 288 ක ප්‍රමාණයක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණි.