වත්තල හැඳළ සුපිරි වෙළඳ සැලක රථ ගාලේ නවතා තිබූ රියක තිබී රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කුඩු තොගයක් හා රුපියල් ලක්ෂ 24ක මුදලක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 65ක මුදල් හා හෙරොයින් ග්‍රෑම් 20ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද පවසයි.
රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිකැ රගත් තෙරතුරු අනුව වත්තල කුලී නිවසක තිබී මේ මුදල් සොයාගත් බව ද පොලිසිය පවසයි. සැකකරු රුපියල් 25,000ක මාසික කුලියට මේ නිවස ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත.

