කුඩු සමඟ ඇල්ලූ මන්ත්‍රී රිමාන්ඩ්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා  22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ආනමඩුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුලාංගිකා ජයසිංහ මහත්මිය නියෝග  කළාය.
 
මෙසේ රිමාන්ඩ්  කරනු ලැබූයේ  කරුවලගස්වැව මුරුක්කුවටවන පදිංචි ඒකනායක මුදියන්සේලාගේ ඩීමන්ත විමුක්ති  ඒකනායක නමැති මන්ත්‍රිවරයෙකි.
 
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී තිබු තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් අද ( 12 දා ) දහවල් ආනමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල්වංගුව අසල දි  සැකකටයුතු ලෙසින් ගමන් ගත් ත්‍රිවිල් රථයක් නවතා සිදු කළ පරීක්ෂාවක දි සැකකාර මන්ත්‍රිවරයා හෙරෝයින් මත්කුඩු මිලිග්‍රැම් 700 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.