
(සිසිර අබේකෝන්)
නිෂාන් ශනි වර්ගයේ කාර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින්,අයිස් මත් ද්‍රව්‍ය සමග තුවක්කුවක්,මුදල්,ජංගම දුරකථන ඇතුළු සැකකරුවන් දෙදෙනකු මැටියගනේ ප්‍රදේශයේ දී නාරම්මල පොලීසිය මගින් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.
කාලයක සිට විෂ මත් ද්‍රව්‍ය ජාවාරමේ නියුතු සැකකරුවන් පිලිබදව පොලීසියට ලද තොරතුරකට අනුව කාර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හොරොයින් ග්‍රෑම් 10 ද,අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ද,ලංකාවේ නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ තුවක්කුවක් ද,මුදලින් රුපියල් එක් ලක්ෂ පනස්හතර දාහක් ද,ජංගම දුරකථන පහක් ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හොරොම්බාව හා මැටියගනේ ප්‍රදේශවල පදිංචි කරුවෝ වන අතර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ගල්කටස් තුවක්කුව ලබා දුන් තැනැත්තා ද, මත් ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


