
(අධිකරණ උපාලි ආනන්ද)
හෙරෝයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 184 යි මිළි ග‍්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත දින හතක කාලයක් රඳවා තබා ගෙන ප‍්‍රශ්න කළ වැඩතහනමට ලක් වූ විදුහල්පතිවරයා සහ හෙරෝයින් ග‍්‍රෑම් 69 ක් සමඟ අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු ලබන 26 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ගයාත‍්‍රි හෙට්ටිආරචිචි මෙනවිය අද නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කරන ලද්දේ තඹුත්තේගම අධ්‍යපන කලාපයේ එප්පාවල කටියාව යාය 10 ප‍්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිවරයකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල ඇදගල නල්ලමුදාව පාර පදිංචි තරිදු ධනංජය වික‍්‍රමසිංහ යන සැකකරුවන්ය.
සැකකරුවන් සන්තකයේ තිබියදී පොලිසිය බාරයට ගෙන ඇති හෙරෝයින් බවට සැක කෙරෙන ද්‍රව්‍ය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය මෙම සිද්ධිය සම්බ්න්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.

