කුඩු විකිණු අටක් දිවි තෙක් හිරේ
හෙරොයින් කුඩු ග‍්‍රෑම් 37.4 ක් හොරෙන් ගෙනා ආ බවට වැරදිකරුවන් වූ වැල්ලම්පිටියේ අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬඩුවම් නියම කළේය.
2001 වැල්ලම්පිටියේදී කුඩු තබාගත්තැයි අබේසිරි ගුණවර්ධනගේ ගාමිණි, නාගරත්නම් රාජනාගම්, මොහමඞ් ජලී මොහමඞ් නසාර් උයද රාමනාදන්, කේ.වී. සිවනන්දන්, ඊ.එච්. සමරවීර, එම්.එච්. රිස්වි හා විමල් චන්දන ඔවුහුය. එක් සැකකරුවෙක් නඩු විභාගය අතරතුරදී මියගියේය.

