කුඩු රජාගේ මාලිගාව විකිණීම නවතී


හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

කුඩු වෙළෙඳාමෙන් ප්‍රකෝටිපතියකු වූ එම පුද්ගලයා රුපියල් කෝටි ගණන් වටිනා චංචල හා නිශ්පල දේපල මිලට ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

වසන්ත කුමාර මෙන්ඩිස් අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් කිලෝ 30ක් සමගය.

එහෙත් ඔහු නොදන්නා රටකට සංක්‍රමණය වී ඇතැයි රහස් පොලිසිය කියා සිටියේය.

ගාල්ලේ ඔහු සතු දස මහල් ගොඩනැගිල්ල විකිණීම හෝ එම දේපොළට මැදිහත් වීම වළක්වමින් මහේස්ත්‍රාත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.