කුඩු මුදලාලි පොලිසියට බෝම්බයක් ගහන්න හදලා


(කුෂාන් ජයවර්ධන)

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවූ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයකු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරක් අනුව යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

කැකිරාව නීකිණීයාව මීගහවැව ප්‍රදේශයේ  වෙල්යායක සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

අත්අඩංගුවට ගිය අවස්ථාවේ සැකකරු සිය ඇදුමේ සාක්කුවක සගවා සිටි ජීව අත්බෝම්බයක් එළීයට ගෙන පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට සූදානම් වන අවස්ථාවේ වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සැකකරු මෙල්ලකර සැකකරුගේ උත්සහය ව්‍යර්ථ කිරීමට සමත්ව තිබේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් යොදා තිබූ උපාය මාර්ග හා දක්ෂතාවයන් හේතුවෙන් සැකකරු අතින් එම ස්ථානයේදී අහිමිවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ ජීවිත බේරී තිබිණ.