කුඩු පැකට් 100ක් සමග හිටපු කොස්තාපල් අත්අඩංගුවට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හොරොයින් පැකට් 100යක් පමණ ප්‍රමාණයක් තබාගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සීතාවකපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.

මෙම කොස්තාපල්වරයා ගල්කිස්ස කොට්ඨාසයෙන් පාලනය වන මොරටුමුල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටින අතරවාරයේදී  පසුගිය අප්‍රේල් මාසයේ සේවය අතහැර ගොස් සිටි අයෙක් බව ද පොලිසිය කියයි.