(නිමන්ති රණසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙපාර්ශවයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය නියෝග කළාය.
පිහි ඇණුම කළ සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මහේස්ත්‍රාත්වරිය එම රෝහලට ගොස් සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පෙතියවත්ත කංකානම්ලාගේ අමිල් සංජීව නැමැති හතලිස් දෙහැවිරිදි දෙදරු පියෙකි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇතතේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි නන්ද කුමාර දිලිත් චතුරංග නමැති 19 හැවිරිදි තරුණයකු බව ද ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

