කුඩු ජාවාරම්කරුවකුට මරණ දඬුවම


මනෝප‍්‍රිය ගුණසේකර 
 
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ලංකාවට ගෙන්වන හෙරොයින් කොළඹ පුරා බේදාහැරි කුඩු ජාවාරම් කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම  නියම කළේය.
 
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුට   විනිසුරවරයා සඳහන් කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ වාලච්චේන ප‍්‍රදේශයේ පදිංචි සෙයික් ස්මයිල් අක්බාර් හෙවත් මාස්ටර් නමැත්තාටය.
 
2014 ජුලි මස 03 වැනිදා මෝදර රජමල්වත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 51.88 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.