කුඩු චෝදනාවට මාලේ ජාතිකයා දිවි ඇති තෙක් සිරගෙට


(මනෝප්‍රිය ගුණසේකර)

කුඩු ග්‍රෑම් 256ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා ලැබ සිටි මාලදිවයින් ජාතිකයන් දෙදෙනකුගෙන් එක් අයකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අනෙක් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

ලතීෆ් ඉයුන් නමැති මාලදිවයින් ජාතිකයාට එරෙහි චෝදනා  ඔප්පු කර ඇති බවත් ශ්‍රී නාත් මොහොමඩ් නැමැති විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පුකර නොමැති බවත් තිරණය කරමින් විනිසුරුවරයා එලෙස නියම කළේය. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කාන්තා පොලිස් පරීක්ෂක  නිලුකා පෙරේරා මහත්මියට ලැබුණු තොරතුරකට අනුව බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකදි හෙරොයින් ග්‍රෑම් 256ක් සමග මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන තිබු බව නඩු විභාගයේදී හෙළි විය.