(ජුඩ් සමන්ත)
හෙරෝයින් මත්කුඩු පානය කිරීම සඳහා එළුවන් සොරකම් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බව කියන සැකකරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ - තිණිපිටිගම සහ තනියවල්ලභ ගම පදිංචිකරුවන් තිදෙනෙකි.
මාදම්පේ මහා වෙල්යායේ සිටි එළුවන් දෙදෙනෙකුව සැකකරුවන් සොරකම් කර ත්‍රී රෝද රථයක දමාගෙන ගොස් වෙන්නප්පුව ප්‍රදේශයට අලෙවි කර තිබී ඇත. සොරකම් කර ඇති එක් එළුවෙකු රුපියල් 26,000 ක පමණ වටිනා වුවත් සැකකරුවන් එම සතුන් අලවි කර ඇත්තේ රුපියල් 8000 බැගින් වූ මුදලකට බව විමර්ශන වලදී හෙළි වී ඇත.
එළුවන් සොරකම් කර ලබා ගත් මුදල් වලින් තමන් හෙරෝයින් මත්කුඩු පානය කළ බව සැකකරුවන් පොලීසියට පවසා ඇත. සොරකම් කරන ලද එළුවන් දෙදෙනා සහ එම සතුන් ප්‍රවාහනය කිරීමට යොදා ගත් ත්‍රී රෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.