කුඩු කිලෝ 200ක් සමග ධිවරයෝ පහක් මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මත්ද්‍රව්‍ය කිලෝ 200 තොගයක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී  ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම යාත්‍රාව සහ එහි සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනා දික්ඕවිට වරාය වෙත රැගෙන එමින් තිබෙන බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.