අමු තේ දලු මිල පහත වැටීම සහ තේ ආර්ථිකයේ කඩා වැටීම සම්බ්න්ධව රජය කඩිනම් විසඳුම් ලබාදීය යුතු බව ප‍්‍රකාශකරමින් කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ රත්නපුර දිස්ත‍්‍රික් සංවිධානය මෙහයෙවූ උද්ඝෝෂණයක් අද (23) රත්නපුර ඔරලෝසු කණුව අබියසදී පැවැත්විණ.
මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණ කුඩා තේවතු හිමියන් පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ පහතරට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 50 -53 අතර පවතින හෙයින් ඔවුන් දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බවයි. එසේම අමු තේ දලු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 60 ක් පමණ වන හෙයින් කුඩා තේවතු හිමියන් හා තේවතු ගොවීන් විශාල වශයෙන් පාඩු ලබන බවද ඔවුහු කීහ.




