කුඩා පාසල් 3000 කට ජංගම විද්‍යාගාර


චතුර එස් .කොඩිකාර 
 
විද්‍යාවෙන්  පිරිපුන්  නවෝත්පාදක  රටක සියලුම  දුවා දරුවන්ට  විද්‍යාගාර පහසුකම්  සහතික කිරීම  උදෙසා  කුඩා  පාසල්  3000 කට ජංගම විද්‍යාගාර ලබාදීම  පිළිබඳව  විදුහල්පතිවරු දැනුවත්  කිරීමේ  වැඩමුළුව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (04) පැවැත්විය.  
 
එම අවස්ථාවට  අධ්‍යාපන  අමාත්‍ය  අකිල විරාජ්  කාරියවසම් , අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම්  සුනිල් හෙට්ටිආරච්චි  යන මහත්වරු ඇතුළු  එම අමාත්‍යාංශයේ  නිලධාරින්  සහ විදුහල්පතිවරුන් සහභාගි විය.