කුච්චවේලි සභාපති යළි රිමාන්ඩ්


(රොෂන් තුෂාර)

යුද සමයේදී විදේශගතව යළි ලංකාවට පැමිණීමට නියමිත පුද්ගලයකුගේ ඉඩමක් සඳහා ඉඩම් බලපත්‍රයක් සකසා දීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරු යළි රිමාන්ඩ් බාරයට පත් කළේය. 

සභාපතිවරයාගේ රියදුරු ඇපමත මුදා හැරීමටද නියෝග කෙරිණි. කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසයේ සාමාජික අයියනප් පිල්ලෙ මුබාරක් සැකකරුගේ ඇප ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කළ අතර රියදුරු මොහොමුදු මුස්තාපා රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කෙරිණි.