ඩී.ජී.සුගතපාල
ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකාර කාන්තාව ඌරගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය බන්ධනාගාරයේ සිටින තම හිතවතෙකුට දිම සඳහා ගෙනෙන ලද ආහාර පාර්සලය පරික්ෂා කිරිමේදි එහි කුකුළු මස් කැබැල්ලක සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් මිලි ග්‍රෑම් 1110ක් සොයා ගෙන තිබේ.
පසුව වැඩිදුර පරික්ෂණ සඳහා සැකකාරිය ගාල්ල පොලිසිය වෙත බාරදි ඇති අතර අද (11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

