කුකුළු මස් කොත්තුවේ ගෙම්බෙක්


 (සනත් ගමගේ)

අම්බලන්තොට මල්පෙත්තාව කෑම අලෙවිසැලකින් මිළදී ගත් කුකුළු මස්  කොත්තුවක ගෙබ්බෙක්  සිටින බව දැනගත් කොත්තුව මිළදී ගත් කාන්තාව ගෙම්බා සිටි කොත්තුව  සමඟ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය යූ.පී මාලක සිල්වා මහතාට පැමිණිලි කර ඇත. 

අදාළ කොත්තුව සමඟ ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා  මහතා සහ අම්බලන්තොට කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා සිද්ධිය සම්බන්ධව ආපනාශාලා හිමි කාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ව ගෙබ්බා සිටි කුකුළු මස්  කොත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයාගේ භාරයට ( 24)  ගෙන ඇත.

සැකකාර ආපනශාලා හිමි කාරීනිය හෙට  (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

කුකුළු මස්  කොත්තුව සමඟ ගෙබ්බාගේ සිරුර කොටස් කැඩී ඇති බව නිරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා  මහතා සඳහන් කළේය.