කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු 3 ක් විවර කරයි



(නයනදුල සෙන්දනායක)


             කුකුලේගඟ ජලාශයේ ජලපෝෂක ගංගා ආශ්‍රිතව ඇදහැලෙන ධාරානිපාත  වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු තුනක් විවර කර ඇති අතර ඉන් තත්ත්පරයට ගණ අඩි 285ක පමණ  ජල ධාරිතාවයත් නිකුත්වන බව  කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ සමතා සඳහන් කර සිටියි.


මේ හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති අතර මේ වන විට බුලත්සිංහල මිල්ල කන්ද  ජලමාපක ස්ථානයේ ජලමට්ටම පිටාර මට්ටම පසුකර ඇති අතර අගුරුනාතොට ජල මාපකයේ ජල මට්ටම පිටාර මට්මට පැමිණ ඇති අතර එය මීටර  9.7 හතක්  ලෙස සටහන් විය.


      මේ හේතුවෙන් මේ වන විට බුලත්සිහල මෝල්කාව මාර්ගය,මෝල්කාව බදුැලිය මාර්ගය ,කළුතර බුලත්සිංහල යන  ප්‍රධාන මාර්ග ඇතුළු අතුරැ මාර්ග රැසක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී  ජන ජිවිත අඩාල වි ඇත.