කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි
ක‍්‍රීඩා ඉසව් 23ක් සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාමේදී එම සෑම ක‍්‍රීඩා ඉසව්වක් සඳහා කළමනාකරුවකු බැගින් පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.
ඉන්දියාවේ ‘‘නවදිල්ලි’’ නුවරදී වසර 2013දී පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මෙම කළමනාකරුවන්ගේ පත් කිරීම සිදුකෙරේ. ඔවුන්ට පැවරෙන කාර්ය වන්නේ ක‍්‍රියාත්මක වෙමින් පවතින ක‍්‍රීඩා පුහුණු සංචිත සංවර්ධනය කර ගැනීම සඳහා අධීක්‍ෂණ කටයුතු මෙහෙයවීමයි.
මෙම වසරේ මැයි 1 වැනිදා සිට සාග් ක‍්‍රීඩා පුහුණු සංචිත ආරම්භ කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසයි. එහි නේවාසික පුහුණුවීම් ලබන නොවැම්බර් මාසයේ සිට ඇරැඹේ.
මේ සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම සදහාද කටයුතු කෙරේ.

