(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාව මගින් කීරික්කුලම කසළ අංගනයට කැලි කසළ බැහැර කරනු ලබන්නේ මහජන සෞඛ්‍යයට අහිතරක අන්දමින් බවට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද තීන්දු කළේය.
ඒ අනුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර මහ නගර සභාවට සහ නැගෙනහිර නුවර ගම් පළාත ප‍්‍රාදේශීය සබාවට නියෝග කළේ මහජනයාට පීඩාවක් ඇති වන අයුරින් සහ මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් මෙම කසල අංගනයට කැලි කසල බැහැර කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි
කීරික්කුලම කසල අංගනයේ සහ ඒ අවට තැන තැන දමා ඇති කැලි කසල එම ස්ථාන වලින් වාහාම ඉවත් කර ගන්නා ලෙසටත් ජල පෝෂක ප‍්‍රදේශ වලට සිදු වන හානිය වළක්වා ගත යුතු බවටත් තවදුරටත් නියෝග කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මහජන සෞඛ්‍යයට හානි වන කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගැනීමෙන් වළකින ලෙසටද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.
මෙම කසළ අංගනයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් කසළ අංගනය සදහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබා ගත් යුතු බවටත් මාස හයක් ඇතුලත කසල අංනය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්නායකයන්වලට අනුව විධිමත් අකාරයෙන් සකස් කර ගත යුතු බවටද කරනු ලැබීය.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ කීරික්කුලම ශ‍්‍රි බෝධිරාජ ධර්මාලංකාර විහාරාධිපති පීනගම සද්ධාජීව හිමියන් සමග කීරික්කතුලම පදිංචිකරුවන් වන එච් එම් රෝහණ සමරසිංහ ජයතිලක, එස්. ප‍්‍රියන්ති මල්ලිකා, ජී.ඩබ් උපුල් බංඩාර ජයතිලක, එච් ආර් රූපා රංජනී , ඒ ජී ලීලාවතී, ජේ. ධනවංශ, පී. සුමනලතා , යූ අනුර සේනාරත්න සහ යූ බී ඒ සම්පත් බංඩාර යන මහත්ම මහත්මීන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, එහි ලේකම්වරයා, අනුරාධපුර නගරාධිපතිවරයා, එහි ලේකම්වරයා, අනුරාධපුර නගාරික කොමසාරිස්වරයා, උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කලේ අනුරාධපුර කීරික්කුලම ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රශ්න ගත කසළ අගංනය පවත්වා ගෙන යාමට වගඋත්තරකරුවන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් ලබා ගෙන නොමැති බවයි.
එසේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව පවත්වා ගෙන යන මෙම කසළ අංගනය පිහිටි බිම් කඩ ප‍්‍රදේශයේ උසම තැනිතලා බිම බවත් ඒ හේතුවෙන් වර්ෂාව පැමිණි වහාම කුණු කසළවලින් බැහැර වන දියරයන් කීරික්කුලම ගම්වැසියන් තම දෛනික කාර්යයන් සදහා යොදා ගන්නා කීර්ක්කුලම වැවට ගලා යන බවත් නීතිඥවරයා කීෙවිය මෙම කසල අංගනය පවත්වා ගෙන යන බිම්කඩ පුරා විද්‍යා නටඔුන් පිහිටි ස්ථානයක් බවද නීතිඥ විජේරත්න මහතා අධිකරණයට දැැන්වීය.
කොම්පෝස්ට් අංගනයක් සහ සනීපාරක්ෂක කසළ අංගනයක් පවත්වා ගෙන යන බව පවසමින් මෙම කසළ අංගනයට කැලි කසළ බැහැර කළද සනීපාරක්ෂක කසල අංගනයක් පවත්වා ගෙන යාෙමි ක‍්‍රමෙවිදයට මුලුමණින්ම පටහැනිව පරිසරයට ඉතාමත් හානි ලෙස අක‍්‍රමවත්ව හා අවිධිමත්ව නොදිරන කැලි කසළ විශාල වශයෙන් විවෘත පරිසරයේ ගෙඩා ගසා ඇති බවද නීතිඥවරයා කීය.

