කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න සීඅයිඩිය ඕස්ට්‍රේලියාවට


ඉන්දිකා රාමනායක
 
පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්   මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්   ඕස්ට්‍රේලියාව බලා  පිටත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
 
කීත් නොයාර් මහතාගේ නඩුවේ විමර්ශන නිලධාරීන් වශයෙන් කටයුතු කරන සහකාර පොලිස්   අධිකාරි බී එස් තිසේරා සහ  පොලිස්  පරීක්ෂක නිශාන්ත සිල්වා යන මහත්වරුන්  මෙලෙස  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර බලා ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
 
 මොවුන් ඉකුත් සතියේ දිනක දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර කීති නොයාර් මහතාගෙන් ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔවුන්  මෙම මස 28 දින යළිත් මෙරටට පැමිණීමට නියමිතය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට කීර්ති නොයාර් මහතා මෙරටට කැඳවා තිබුණ ද ඔහු මෙරටට නොපැමිණීම  හේතුවෙන් පොලිසිය  ඔහු සොයා ඔස්ටේ‍්‍රලියාවට ගොස් තිබුණි.
 
2008 මැයි 22 දින රාත‍්‍රියේ කීත් නොයාර්  මහතා පැහැගෙන ගොස්  පහර දී වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මේජර් ජෙනරාල්   අමල් කරුණසේකර (විශ‍්‍රාමික) මහතා ඇතුලූ හමුදා සාමාජිකයින් අට දෙනෙක් සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.