කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට බුද්ධි නිලධාරීයෙක් අත්අඩංගුවට


( නිමන්ති රණසිංහ)
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා  පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
 
 යුද හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයකු වන  සුමිත් කුමාර නැමැත්තා  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර  ඔහු ගල්කිස්ස  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.