කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට හිඟව පවතින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක මුදලක් ක‍්‍රිකට් ආයතනයට ලබාදීමට ලංකා බැංකුව එකඟතාව පළ කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සමග කරන ලද සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මුදල ලබාදීමට එම බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කර තිබේ. එම නිසා මෙම මස දක්වා වන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ හිඟ වැටුප් මෙම 28 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි ද ක‍්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී පැවැත්වෙන ක‍්‍රිකට් තරගවලදී ඇමරිකානු ඩොලර් මිලියන 139 ක මුදලක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට නියමිත බවද කී‍්‍රඩා අමාත්‍යංශ මාධ්‍ය නිවේදයේ සඳහන් වේ.

