කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවූ බව පවිත්‍රා කියයි


(දිල්රුක්ෂි ග්‍රේරු)

අද උදෑසන සිට මේ වනතුරු කිසිඳු කොරෝනා අසාදිතයකු හමු වී නැතැයි ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා අසාදිත සංඛ්‍යාව 102 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියයි.

අද උදෑසන සිට පෙරවරු 4.30 වන විට  කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එහි සඳහන්ය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ඇමැතිවරිය මේ බව පවසා තිබේ.