කිවුලේ දරුවන් දෙදෙනකු අතුරුදන්


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම කිවුල තරුණ ව්‍යාපාරය ගම්මානයේ ඥාති  දරුවන් දෙදෙනෙකු   අතුරුදන්ව ඇති බව දරුවන්ගේ දෙමාපියන් පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ . 
 

මෙසේ අතුරුදන්ව ඇත්තේ කිවුල තරුණ ව්‍යාපාරය පදිංචිව සිටි කිවුල මහා විද්‍යාලයේ 7 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබමින් සිටි කේ. අදිෂ නිම්සර   සහ කේ .ධනංජය ලක්මාල් නැමති දරුවන් බව පොලිසිය පවසයි. 
 
 මෙම දරුවන් කිවුල තරුණ ව්‍යාපාරයේ සුචරිත වර්ධන දහම් පාසලට ඉරිදා ගොස් ඇති බවත් දහම් පාසල් ගොස් නිවසට පැමිණ ඇති මෙම ඥාති සොහොයුරන්  අතුරුදන්ව ඇති බවත් මොවුන් දෙදෙනා ගමන් ගත් පාපැදිය මදුරන්කුලිය නගරයේ පාපැදි ගාල් කරන ස්ථානයක තිබියදී ඥාතින්   සොයා ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.
 
කෙසේ නමුත් මදුරන්කුලිය නගරයේ පොලිස් මුර පොල මගින් ක්‍රියාත්මක  සිසිටීවි කැමරා පද්ධතියේ මෙම දරුවන් මදුරන්කුලිය නගරයට පැමිණෙන දර්ශනයක් නැතැයි පොලිසිය පවසයි.
 
මෙම දරුවන් කිසියම් අයකු පැහැර ගෙන ගියාද එසේ නැතිනම් දරුවන්   කිසියම් ස්ථානයකට   ගියාද යන්න පොලිසිය සොයා බලයි.