(ප්‍රසාද් මුතුකුඩ සහ ටී.කේ.ජි.කපිල)
කටුනායක ගුවන්තොටුපළ රේගු පරිශ්‍රයට ඇතුළු වී නීතිවිරෝධි ලෙස කිලෝ 2.5 බරැති රන් අබරණ තොගයක් පිටතට රැගෙන යාමට උත්සහ කළ විශ්‍රාමික රේගු පරික්ෂයකු (10) උදැසන අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .
වටිනා මාල ,වළළු , කර පලදනා ඇතුළු රන් අබරණ තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ පනස් හතර දහසකි.
රේගු අත්අඩංගුවට පත් හිටපු විශ්‍රාමික රේගු පරික්ෂකවරයා (65) වියැති ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු රේගු පරිශ්‍රයට ඇතුළු වී බදපටියක් තුළ රන් අබරණ තොගය ඉතා සූක්ෂම අයුරින් සඟවා ගුවන්තොටුපළීන් පිටවීමට උත්සහ දරා ඇති අවස්ථාවේදී ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල ගේට්ටුව අසලදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ