චමිල් රූපසිංහ
කිලෝ 15 ක් පමණ බරකින් යුත් කැබැල්ලෑවෙක් පමුනුව දැලිවල වික්‍රමසිංහ මහතාට අද (12) හමුවී ඇත.
සතුන්ගෙන් හෝ මිනිසුන්ගෙන් කැබැල්ලෑවාට හිරිහැරයක් වේයැයි සිතා අසල්වැසියන්ගේ සහයෝගයෙන් කැබැල්ලෑවා අල්ලා බැරලයකට දමා දවුලගල පොලිසියට කතා කර සතාට හිරිහැරයක් නොවන ලෙස ආරක්ෂාකාරී ස්ථානයකට මුදා හරින ලෙස ඔවුන් පොලිසියට පවසා තිබේ.
දවුලගල පොලිසිය වනජීවි කොළඹ කාර්‍යාලයට කතා කළ පසු එම සතුන් පවුලක් ලෙස ජීවත් වන බැවින් යම් තුවාලයක් සිදුවී නොමැතිනම් මුදා හරින ලෙස පොලිසියට වනජීවී කාර්‍යාලයෙන් උපදෙස් දුන් පසු එම සතාව මුදා හැරියත් නැවත කැබැල්ලෑවා නිවසටම පැමිණ ඇත.
වඳවී ගෙන යන සත්ව වරගයෙක් වන මෙම කැබැල්ලෑවන් ජෛව විවිධත්වයට වැදගත් වන සතෙක් වන අතර දිවයින පුරා සිටින සත්වයෙක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු සායනික විද්‍යාව පිළිබද මහාචාර්‍ය අශෝක දංගොල්ල මහතා පවසයි.
කිසිවෙකුට හානියක් නොකරන ලෝකය පුරා සීග්‍රෙයන් වදවි යන සත්ව ඛාන්ඩයකට අයත් මෙම සත්වයා ඉන්දියාව,ශ්‍රී ලංකාව,භුතානය ආදී රටවල තැනිතලා ප්‍රදේශයන් සේම කදුකර ප්‍රදේශයන් වලද ඇති මෙම සත්වය විද්‍යාත්මක නාමයෙන් Maniscrassicaudata හඳුන්වන බවද දංගොල්ල මහතා පැවසිය.