කිලිනොචිචිය, උරුදිපුරම්, එළුක්කාඩු ප‍්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිලිනොචිචිය පොලිසිය කියයි.
උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරියක් එලෙස අතුරුදහන්ව ඇති අතර අදාළ දැරිය මව සමග නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර, දැරිය නෑවීමෙන් අනතුරුව අසල්වාසියකු සමඟ දැරිය නිවස වෙත පිටත්කොට යවා ඇති අතර තමන් දිය නා නැවත නිවසට පැමිණයද දැරිය නිවසේ නොසිටි බව ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
දැරිය නිවසට රැගෙන පැමිණි අසල්වාසි පුද්ගලයා ඇතුළු පුද්ගලයින් පස් දෙනකුගෙන් ප‍්‍රශ්න කොට ඇති බවද කිලිනොච්චි පොලිසිය පවසයි.

