සිතුම් චතුරංග
සංචාරක ආකාර්ශනයක් ලබා තිබූ කිලිනොච්චිය ජල ටැංකිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
පසුගිය යුද සමයේ ත‍්‍රස්තවාදීන් විනාශ කර තිබූ මෙම ජල ටැංකිය දකුණේ සිට උතුරට පැමිණෙන ජනතාවගේ ඉහළ සංචාරක ආකර්ශනය දිනා තිබූ ස්ථානයක් ව තිබිණි.
අදාල ජල ටැංකිය ආශ‍්‍රිත ඉඩම යුදහමුදාව නැවත ජල සම්පාදන මණ්ඩලයට ලබාදීමෙන් පසුව සංවර්ධන වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ජලටැංකිය ඉවත් කිරීම මෙලෙස ආරම්භ කළ බව කිලිනොච්චිය ජලසම්පාදන මණ්ඩලය පවසයි.
2009 වසරේ අවසන් යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් කිලිනොච්චිය නගරය අතහැර පලායන අවස්ථාවේ බෝම්බ අටවා කිලිනොච්චිය ජල ටැංකිය විනාශ කරනු ලැබීය.