කිලිනොච්චි දැරිය තවමත් අතුරුදන් : ගමම පීරා මහ මෙහෙයුමක්


කිලිනොච්චියේ, එළුක්කාඩුහිදී පසුගිය 21 වැනිදා අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබලූන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති බවත් ‍එහෙත් මෙතෙක් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය පවසයි.

උදයකුමාර් යර්සිකා නමැති දැරිය මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇගේ මව සමග දිය නෑමට ගොස් සිටියදීය. අසල්වැසියකු සමග දැරිය නිවස වෙත පිටත් කිරීමෙන් පසු ඇය අතුරුදන්ව ඇති බවත් කියති.

ගම්වාසීහු හා පොලිසිය කිලිනොච්චි උරුදිපුරම්හි පාලු ඉඩම්, නිවාස මෙන්ම ඇල මාර්ග හා වැව් ආදිය පීරමින් දැරිය සෙවීමේ මෙහෙයුමක නිරතවී සිටිති.

03 04 05 06 07 08