කිරුළපනේ දී අහසට වෙඩි තියලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කිරුලුපන ,කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි කිරුලපන පොලිසිය කියයි.

පිස්තෝල ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

හිස් පතුරම් කොපු තුනක් එම ස්ථානයේ වැටී තිබී ය දී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.