(නිමල කොඩිතුවක්කු)
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් ගාස්තු ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ගෙවා දැමීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී අද (10) පැවසීය.
උන්වහන්සේගේ රෝහල් ගාස්තු සම්බන්ධයෙන් වන බිල්පත මෙතෙක් ලැබී නොමැති බවත් එය ලැබුණු විගස එම මුදල් ගෙවා දැමීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
මෙයට අමතරව උන්වහන්සේ ඉල්ලා සිටින පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබාදීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා කොළඹ, බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

