(කේ ඩි දේවපි‍්‍රය )
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් හට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව කතරගම පුදබිමට පැමිණෙන රථ වාහන සීමා කර පුජා භුමියට රැකවරණය ලබා දිමට පොලිසිය කි‍්‍රයා කර ඇත.
නිමක් නොමැතිව රථ වාහන පැමිණිම මත කතරගම පුදබිම නගරයක මෙන් පසු ගිය කාලය තුළ දිස්විය.
කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා තුවාල කිරීම පිණිස පැමිණි පිරිස රථයකින් පැමිණ ඇති බවට පොලිසිය සැක කරන අතර රථ වාහන විශාල ලෙස නිතර පැමිණිම මගින් කතරගමට පැමිණෙන ප‍්‍රභුවරුන්ටද මේ වැනි අයුරින් අනතුරු කිරීමට හැකි වන බැවින් බැතිමතුන්ගේ ද පුජා භුමියේද ආරක්‍ෂාව පිණිස මේ අයුරින රථ වාහන සීමා කළ බව පොලිසියේ උසස් නිළධාරියකු පැවසීය.
අද (15) නිවාඩු දිනය වු නමුත් සමාන්‍ය පරිදි බැතිමතුන් පැමිණි අතර පුජා භුමියේ රථ වාහන නොමැති වීම මත බැතිමතුන් නිදහසේ මාර්ග තුල ගමන් කරන අයුරු දිස්විය.
මේ වනවිට රථ වාහන අවසරපත් ලබා දිම සියලූම විහාරස්ථාන හා දේවාල කාර්යාලය මගින් තාවකාලිකව අත් හිටවා තිබේ.