කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබු සැකකරුවන් කතරගමට පොලිසියට


චන්ද්‍රසේන ගමගේ                

                                             

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ බවට චෝදනා ලැබූ කපුවා ඇතුළු සැකරුවන් තිදෙනා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට රැගෙන ඒමෙන් පසු අද (17) සවස වැඩිදුර විමර්ශන සඳහා කතරගම පොලිසියට රැගෙන ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කපුවා ඇතුළු සැකකරුවන් තිදෙනා ඊයේ (16) අත්අඩංගුවට ගැණිනි.

පසුගිය 12 වැනි දා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ධම්මින්ද හිමියන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.