(චන්ද්‍ර සේන ගමගේ)
කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා එහි විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අඹුසැමි යුවළක් අද (19 ) දහවල් දික්වැල්ලේදි තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත්ව ඇත්තේ කතරගම නව නගරයේ විහාර මාවතේ පදිංචිව සිටිනා දීපිකා දිල්හානි වීරරත්න හා ඇයගේ සැමියා වන හේවා විදානගේ සුගත් නොහොත් රාලහාමි යන අය බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත් දිල්හානි කොබවක ධම්මින්ද හිමියන් ට වෙඩි තැබීම ට කළ සැලසුමේ ප්‍රධාන කොටස් කාරියක් බවද පොලීසිය පවසයි. අත් අඩංගුවට පත් සැක කරුවන් දෙදෙනො හෙට (20) දින තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.