කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවාගේ මෝටර් රථය අත්අඩංගුවට


අනීෂා මානගේ

කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. කතරගම සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් පරිදි කතරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින්, තංගල්ල කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ හා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.