
(යොහාන් භාසුර)
කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පැවසීය.
කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135 කින් ඉහළ දැමීමට මෙහිදී අවසර ඉල්ලා ඇති බව ද දැනගන්නට තිබේ.
කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර ඇති බවත් එම කිසිඳු ඉල්ලීමකට මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

