ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිලසූත්‍රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමේ අරමුණෙන් පත් කරන ලද කමිටුව ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි කිරිපිටිමිල සැලකිල්ලට ගෙන මෙම මිල සූත්‍රය යෝජනා කර ඇත.
එම මිල සූත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

