(යොහාන් භාසුර)
රජය කිරිපිටි ආනයනික බදු ඉවත්කළ බව පැවසුව ද ඒ පිළිබඳව ආනයනකරුවන් දැනුවත් කර නොමැති බවත් ගැසට් නිවේදනයක් මගින් දැනුවත් කිරීමෙන් පසුව නැවත කිරිපිටි ආනයනය කළ හැකිද නැද්ද ගැන තීරණය කරන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති.
රජය බදු ඉවත්කළ බවට පැවසුව ද කුමන බදු ඉවත්කළේද, ඉවත් කළ බදුවල වටිනාකම කොපමණද, යන්න පිළිබඳව දැනුමක් සහ ගණනය කිරීමෙන් තොරව ඉදිරි තීරණය පිළිබඳව කිව නොහැකි බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදන සමගාමක උසස් නිලධාරියකු අද රාත්‍රී ගැසට් නිවේදනය නිකුත් කළ හොත් හෙට පෙරවරුවේ කිරිපිටි ආනයනය පිළිබඳ තීරණය ප්‍රකාශ කළ හැකි බව ද කීය.

