සීනි කිලෝවක් රුපියල් දහයකින් අඩු කෙරේ.
කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 61කින් අඩු කෙරේ.
සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් සියයකින් අඩු කෙරේ.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 12.50කින් අඩු කෙරේ. ඒ අනුව පාංගෙඩියක මිල රුපියල් හයකින් පමණ අඩු වනු ඇත.
මුංඇට කිලෝව රුපියල් 40කින් අඩු වනු ඇත.
හාල්මැස්සන් කිලෝව රුපියල් 15කින් අඩු වෙයි.
ටිංමාළු බද්ද රුපියල් 52ක්න් අඩු කෙරේ.
කොත්තමල්ලි මිල රුපියල් 150 අඩු කෙරේ.
උම්මබලකඩ රුපියල් 200කින් අඩු කෙරේ.
කුඩු නොකරන ලද කහ රුපියල් සියයකින් අඩු කෙරේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කෙරේ.
සිමින්ති කොට්ටයක මිල රුපියල් 90කින් පමණ අඩු කෙරේ.
උපයන විට ආදායම් බදු ගෙවීමේ සීමාව රුපියල් හය ලක්ෂයේ සිට රුපියල් හත් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කරේ.
2013/14 වර්ෂවල දී ශ්‍රී ලංකාවේ සමාගම් රුපියල් කෝටි 200කට වඩා ආදායම් ලබා ඇත්නම් එක් වරක් පමණක් අය කැරෙන සියයට 25ක බද්දක් අය කෙරේ.
වානේ තීරුබදු මිල ද අඩු කෙරේ.
මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.

